Wednesday, January 18, 2012

යටවත්ත පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි.



පහලොස් හැවිරිදි දරeවෙක්  අත්අඩංගුවට ගෙන පහර දීම අදාලව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලබාදීමට - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

යටවත්ත පොලිස් ස්ථානයේ සැරයන් ඩග්ලස්, පොලිස් පරීක්ෂක බංඩාර, හෙට්ටි ආරච්ච් හා ස්ථානාධිපති නිෂංක මෙම පෙත්සමේ වග උත්තර කරeවන් වේ.

යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ කුමාරිහාමි, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ, 15 හැවිරිදි තම පුතා වන, පුබුදුට, යටවත්ත පොලීසියේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණවීමට එරෙහිවය.

අසල නිවසක සෙල්ලම් බඩු සොරකම් කළාය යන චෝදනාව මත මෙම දරeවා අත් අඩංගුවට ගෙන තිබින. මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මෙම දරවාට පොලීසිය පහර දී ඇති බවට තීරණය කර, ඔහු විෂේශඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමට නියම කර තිබින.

තවද, මෙම පහර දීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට, නීති ආධාර කොමිෂමට නියම කරනු ලැබීය.

2011/11/16 දින  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ  පුලස්ති හේවාමාන මහතා ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරතුංග, විනිසුරු මාසුරුප් හා විනිසුරු ඉමාන් යන මහත්වරුන් ඉදිරියේ පැවැති මෙම නඩුව 2012 ජුනි 11 දින විභාගයට තැබීය.


No comments:

Post a Comment