Sunday, March 3, 2013

පාසල අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව ආගම ඉගැන්වීම - සමරසිංහ ගුණසේකර


ඔබ ගුරුවරයෙක්. පළමුවෙන් ම ඔබගේ ගුරු වෘත්තිය පිළිබඳ යම් සඳහනක් කරන්න.

පුතා මම කැමතියි මගේ ගුරු වෘත්තිය ගැන කතා කරනවට වඩා සමස්ථ ගුරු භූමිකාව පිළිබඳ සහ අද ශිෂ්‍යයා මුහුණ පා තිබෙන ඛේදවාචකය පිළිබඳ කතා කරන්න.මගේ පුද්ගලික අදහස නම්එදා ගුරුවරය කියල කෙනෙක් හිටිය. ඔහු සමාජයට අධ්‍යාපනය ලබල දුන්න. ජිවිතය කියල දුන්න. ඉදිරි පරම්පරාවන්ට පවතින්නදේවල් නිෂ්පාදනය කරන්නදැනුම සම්පාදනය කරපු කෙනෙක්. ඒක හුදු වෘත්තියක් නෙවෙයි. ඒක සේවයක්. මේ වගේ තව පිරිසක් හිටිය. අපි ගමු වෛද්‍යවරය. වෛද්‍යවරය කියන්නෙ රස්සාවක් කරන මිනිහෙක් නෙවෙයි. එයා ජීවිතවලට ආදරය කරනමිනිසුන්ට සේවය කරන පුද්ගලයෙක්. ඊළඟට කලාකරුව කියල කෙනෙක් හිටිය. ඔහුත් සේවයක් කරන්නෙ. පහන් කන්ද යට අඳුර වගේ තමන්ගෙ ජිවිතය අඳුරෙ තියාගෙන ලෝකයට ආලෝකය දෙන්නා වූසංවේදී වූ පුද්ගලයෙක්. මේ වචන ටික තාම තියනව.

නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක් දපුද්ගලිකකරණයපාරිභෝගික සමාජයකම්කරු ව්‍යාපාරය කුඩුපට්ටම් කරල මිනිස්සු පුද්ගල ගත සත්වයො බවට පත්වුනාට පස්සෙවිවෘත ආර්ථිකය නමැති බූවල්ල අපේ සමාජය වෙලාගත්තට පස්සෙ ඒ අයට තීරණය කරන්න සිද්ධ වෙනව මම සේවකයෙක් දමම වෘත්තිකයෙක් දඑහෙම නැත්නම් මම වෙළෙන්දෙක් දමම සේවකයෙක් දමම මනුෂ්‍ය වර්ගයාට සේවය කරන්නෙ දනැත්නම් දේවල් විකුණල කියක් හරි හොයාගන්න මිනිහෙක් දඒ පුද්ගලයටත් සමාජයේ ප‍්‍රශ්න තියනවා. කඬේට බඩු ගන්න ගියාම එයාගෙන් අහන්නෙ නෑ ‘‘උඹ ජීවිත කීයක් බේරල තියනවද?, උඹ කීදෙනෙකුගෙ ඇස් පාදල තියනවදඋඹ කෙතරම් වටිනා නිර්මාණ කරල තියනවද කියල. වෙළෙඳපළේ දි එයත් හුදු පාරිභෝගිකයෙක් පමණයි. එතනදි අධ්‍යාපනය වෙළෙඳපළකරණය වීම තුළ මොකක් ද මේ අධ්‍යාපනයට සිද්ධවෙමින් යන්නෙ?

‘‘මේ කාරණාවෙදි බහුතර පිරිසක් වචනයක් භාවිතා කරනව අර්බුදය කියල. නමුත් මම ඒ වචනය භාවිතා කරන්නෙ නෑ. මේ පිළිබඳව විවිධ විද්වතුන් පොත් පවා ලියල තියනව. මෙවැනි දේ ලෝකයේ හැමදාම සිද්ධ වෙනව. දරුවා ඉපදෙන වෙලාවෙ මවට විලි රුදාව හැදෙනවනෙ. සජීවි ව්‍යාපාරයක් තුළ එක් එක් අවස්ථාවන් ඇතිවෙනව. ඒව විටින් විට වෙනස් වෙනව. වෙනස්කම් සිදුවෙනව. ඒ වෙනස සුබදායක ද නැද්ද කියල බලන්න වෙන්නෙ සාපේක්‍ෂව. වර්තමාන ළමය දිහා පරණ කාලෙ පුද්ගලයෙක් බැලූවොත් ඔහු කියන්න පුළුවන් ළමය පිරිහිලා කියල. නමුත් එහෙම එකක් නෑ. ධර්මපාලතුමාගෙ ඇස්වලින් බැලූවොත් මේ කාලෙ පිරිහිලා. නමුත් සාපේක්ෂව බැලූවම සමාජ පරිහානියක් නෑ. තියෙන්නෙ සමාජ ප‍්‍රගමනයක්. එක් එක් පුද්ගලයට තමන්ගෙ කෝණයෙන් බලල කියන්න පුළුවන් පිරිහිලා කියල. මගේ විශ්වාසය එහෙමයි.

සමාජය ගමන් කරල තියෙන්නෙ ප‍්‍රගතිය කරාමයි. මේ හැම එකක්ම අර්බුද නෙවෙයි. අභියෝග. හැම අභියෝගයක් ම සංවර්ධනය අවදි කිරීමක්. අධ්‍යාපනය ගත්තත්කලාව ගත්තත්රාජ්‍ය ගත්තත්ආගම ගත්තත් භික්‍ෂූන්ගෙ ගත්තත් මේ ලක්‍ෂණය තියනවා. මේ තත්ත්වය නැති ස්ථානයක් නෑ. තියනවනම් ඒ කනත්තෙ විතරයි. ඒ අයට මේ අභියෝග අර්බුද මොනවත් නෑ සමාදානයේ සැතපෙනවා. ඒකෙන් අපට තේරෙන්නෙ මොනවදසජිවී සත්ත්වයින් සිටින ස්ථානයේ,ක‍්‍රියාකාරී ව්‍යාපාරයේ හැම විට ම වෙනස්කම් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි අපි අවුරුදු 80 ක් විතර ජිවත්වෙමින්නෙ මේ ප‍්‍රගමනය එහෙමත් නැත්නම් අර්බුදය පිළිබඳ කතා කරන්නෙ. ඉතිං අධ්‍යාපනය පිළිබඳ කතාකරත් ඒ වගේ තමයි.

මේ ක්ෂේත‍්‍රය ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වුන ක්ෂේත‍්‍රයක්. එය විධිමත් අධ්‍යාපනයනොවිධිමත් අධ්‍යාපනයඋසස් අධ්‍යාපනයපූර්ව ළමා අධ්‍යාපනය වගේ ක්ෂේත‍්‍ර ගණනාවක පැතිරෙනවා. මෙය කෙතරම් පුළුල් ද කියනවනම්මම දවසක් දේශනයකට ගිය වෙලාවෙ කළු ලැල්ලෙ මෙන්න මේ වචන තුන ලිව්වා.ඉගෙනගැනීමවිභාගයජිවත්වීම’ මම ඒ අයගෙන් අහුවෙ මේ අතරින් නිස්සාර ම කාර්යය මොකක් ද කියල. සියලූ ම ළමයින්ගේ පිළිතුර වුනේ විභාග ගැනීමකියන එක. දෙවනුව ඉගෙනගැනීමඅවසාන පිළිතුර ජීවත්වීම. අපේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය දැන් වැඩිපුර ම යොමු වෙලා තියෙන්නෙ ඔය නිස්සාර ම කාර්යය වෙත. ඒකෙන් පැහැදිලි වෙන්නෙ අපේ අධ්‍යාපනය ඉගෙනගැනීම සඳහා යොමු වුන අධ්‍යාපනයක් හෝ ජීවත්වීම සඳහා යොමු වුන අධ්‍යාපනයක් නොවන බව නේද?   

ඊළගට අපි ගමු විධිමත් අධ්‍යාපනය: මම එකවතාවක් මේ පිළිබඳව හිගුරක්ගොඩ ගිහින් සමීක්ෂණයක් කළා. ඒකෙදි ගොවියොහාමුදුරුවරුවෙළෙන්දො,වෙදමහත්වරුකම්කරුවොමේ ආදී විවිධ රැකිවාන්හි නියුක්ත වූ අය සම්බන්ධ කරගත්තා. මම ඒ අයට යොමු කළ එක ම ප‍්‍රශ්නය වුනේඔයාල ලබාගත්ත පාසල් අධ්‍යාපනය ජිවිතයට කොතරම් සම්බන්ධ ද කියල. ඔවුන් කිවුවෙ එයින් 90% සම්බන්ධ නෑ කියල. මම දකින විදියට විධිමත් අධ්‍යාපනය ආරම්භයේ ම රෝගයක් තියනවා. මොකක්ද රෝගයවිධිමත් අධ්‍යාපනය කියන්නෙ පාසලකට වෙලාවට ඇවිල්ල ගුරුවරු උගන්වනව. ළමයි ඉගෙනගන්නව කියල උපකල්පනය කරල තියනව. මේක ම ලොකු මිත්‍යාවක්. ළමයි ඉගෙනගන්නෙත් නෑ. එක වයසකදි ඉගෙනගන්තේ නෑ. සමහර ගුරුවරුන්ට උගන්වන්ත් බෑ. අපි මේක සීමා කරමු පාසල් අධ්‍යාපනයට. විශ්වවිද්‍යාලය පිළිබඳව වෙනම කතාකරමු.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නෙටියුෂන් පන්තියෙදි ප‍්‍රශ්න හයකට උත්තර ලියල එහේ එනව. එහෙත් ප‍්‍රශ්න හයකට උත්තර ලියල එළියට යනව. එච්චරයි. වෙන මොනවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නැහැ. මගෙත් එක්ක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කිව්වා මෙහේට දාහක් ආවොත් පොතක්‘ අතේ තියෙන්නෙ සීයකටත් අඩු ප‍්‍රමාණයක කියල. හැබැයි සටහන් පොත් නම් තියනව. විෂයානුබද්ධ පොත් හැර වෙන මොනවත් කියවන්න පුස්තකාලෙට යන්නෙ නැහැ. ඒ නිසා ඒ මාතෘකාව පසුවට කල් දාල පාසල් අධ්‍යාපනය පිළිබඳ කතා කරමු. මේක අංශ තුනකට බෙදන්න පුළුවන්.

01. ළමයා
02. 
ගුරුවරයා
03. 
පාසල

අපේ තියෙන්නෙ ගුරුවරයා කේන්‍ද්‍ර කොට ගත්ත අධ්‍යාපනයක්. සමුපූර්ණයෙන් ම ගුරුවරයා. පෙර පාසලෙන් ’ යන්න ඉගෙනගත්ත දවසෙ ඉඳල ගුරුවරයා. ගුරුවරයා ප‍්‍රමාද නම් ළමයින්ට අධ්‍යාපනයක් නෑ. මොකද ගුරුවරයා නිවාඩු ගන්නව අඩුයි. නමුත් පාසලට පැමිණෙන්නෙ ප‍්‍රමාද වෙලා. වෙලාවට පොත අත්සන් කළත් පන්තියට යන්නෙ ප‍්‍රමාද වෙලා. එතනත් ළමයින්ට අධ්‍යාපනය නෑ. මේ සියල්ල ම සම්පූර්ණ වුනොත් උගන්වන්න දන්නෙ නෑ. ඒ පාඩුවත් ළමයින්ට. ඒ ගුරුවරයාගේ පාර්ෂවය. මේ ගුරුවරුන්ගෙත් යුග තුනක් තියනවා.

01. මට පෙර ගුරුවරු
02. 
මගේ ගුරුවරු
03. 
වර්තමාන ගුරුවරු

‘‘මේක ගුරුවරුන්ට පමණක් නොවෙයි: කලාකරුවන්ටවෛද්‍යවරුන්ටකම්කරුවන්ට සහ සෑම වෘත්තීය ක්ෂ්ත‍්‍රයටම පොදු සාධකයක්. එයා කියපුමට පෙර හිටපු ගුරුවරු ඉන්නව නේදඒ අය යහපත්සුචරිතමුදල් පසුපස හඹා නොයන අය. ඒ අයට යහපත් වෙනව හැර වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මිනිස්සු වයසට ගියාම දත්බුරුල්වෙන නිසා මස් කන්නෙ නෑනෙ පුතා. ඔය යහපත්කම කියන එකත් අන්න ඒ වගේ. නමුත් අපි කියන්නේ සිල්වත් නිසා මස් කන්නෙ නෑ කියල. ඒ කාලෙ තිබුණ ආර්ථිකය හරිම අල්පේච්ඡයි. අල්පේච්ඡයි කියන්නෙ ඇයි. මිනිස්සුන්ට සල්ලි නැති නිසා දනෑ. භාණ්ඩ හිඟයි. නව නිෂ්පාදන නෑ. අපේ තාත්තට තිබුණ ට්විට් සරම තමයි ගමේ හැමෝ ම වගේ මගුල් ගෙවල්වල ඇඳන් ගියේ. සීනි ටික නැත්නම් ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ගින්දර ටික ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ඔවුන් ගතකළේ සතෙකුට වඩා තරමක් දියුණු ප‍්‍රාථමික ජීවිත. පුතාඔයා කලින් සඳහන් කළේ අන්න ඒ කාලෙ ගුරුවරය පිළිබඳව.

එහෙමත් නැත්නම් මට පෙර ගුරුවරයා. ඔවුන් මුදල් හම්බකරන්න මහන්සි වුනේ නැහැ. එයාල බලාපොරොත්තු වුනේ සමාජ ගෞරවය. සිංහල අවුරුද්දට ඇඳක් පිරෙන්න තරම් බුලත් ලැබෙනව. ගොයම් කැපුවම ඒ අස්වැන්නෙන් කොටසක් ලැබෙනව. ගුරුවරයා පාරෙ ගමන් කරනවනම් අනෙක් අය පාරෙන් අයින් වෙලා එයාට ඉඩ දෙනව. ඒ තරමට ම ගෞරවනීය පුද්ගලයෙක්. ඔහු විශාල අධ්‍යාපනයක් දුන්නෙත් නැහැ. අර කියමනක් තියෙන්නෙ මළපොතේ අකුර ඉගෙනගත්තම ඇති’ කියල. අන්න ඒ වගේ අඩු අධ්‍යාපනයක් තමයි එදා එයාල දුන්නෙ. සකස්කඩයබුද්ධගජ්ජය කියල දුන්න. භූගෝලයට කියල දුන්නෙ ලංකාවෙ ස්ටේෂන්වල නම් ටික විතරයි.

දැන් අපි එමු මගේ කාලෙ ගුරුවරුන්ට. මේ වෙනකොට කැරකෝප්පුවල ඉන්න අය හැර අන් සියලූ දෙනාම වෙනස් වෙලා. මම උගන්වන්න ගියේ 1966. මගේ මාසික වැටුප රුපියල් දෙසිය විසිපහයි. මට තිබුනෙ කලිසම් දෙකයි. පාසලේ හිටපු ගුරුවරු විසි අටදෙනාගෙන් ගෑනු හයදෙනා ඇරුනම අනෙක් අය ඔක්කොම පාසල් ආවෙ පාපැදියෙන්. අපිටත් රුපියල් දෙසිය විසිපහ ඉහටත් උඩින් ඇති. ආර්ථික අමාරුකම් නොතිබුණා නොවෙයි. නමුත් ගන්න දෙයක් නෑ. කෑම වුනත් මහා ලොකු කැම වර්ග තිබුණෙ නෑ. පරිප්පුකරවලපළා කොළ ටිකක් වගේ දෙයක් තමයි කන්නෙ. පරිප්පු හාල් ටික ගන්නත් සමූපකාර පෝළිමේ පැය ගණන් ඉන්නව.

එතකොට මේ ගුරුවරයත් යහපත් ගුරුවරයෙක්. වෙන කරන්න දෙයක් නැති නිසා හවසටත් ළමයින්ට උගන්වනව. එයා යහපත් ගුරුවරයෙක්. මගේ කාලෙ වෙනකොට මට පෙර හිටපු ගුරුවරයාට තරම් සමාජ ගෞරවයක් නෑ. නමුත් සමාජයේ යම් ගෞරවයක් තිබුණ. මම ඉගැන්නුවෙ භූගෝල විද්‍යාව. උගන්වනව කියල මම මොනවද කළේපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සටහන් ටික ගෙනල්ල ළමයි ඉදිරියේ කියෙව්වා. ඕක තමයි පුතා එදා ඉගැන්විල්ල. මේ වෙද්දි වයසක ගුරුවරු අපිට මුණ ගැහුනම ඒ අය අපිට බනිනව. දැන් ඉන්න ගුරුවරු පිරිහිලා. අපි ඉගැන්නුවෙ පඩියත් නොගෙන’ ඔයවිදියට තමයි බැන්නෙ.

දැන් මගෙන් පස්සෙ ගුරුවරයා ගැන බලමු. කෙටියෙන් කිව්වොත් විවෘත ආර්ථිකයෙන් පස්සෙ ගුරුවරය ගැන. මේ වෙද්දි ආර්ථිකය ලෝකයට විවෘත වුණා. භාණ්ඩ ගලාගෙන එන්න පටන්ගත්ත. දැන් බලන්න ඔයා ආවෙ මෝටර් සයිකලේ. මම හදිසියක් වුන වෙලාවට යන්නෙ කැබ් එකක් ගෙන්වගෙන. දැන් ගමනාගමනය දියුණුයි. සන්නිවේදන ජාලය බලන්න. ඒ කාලෙ මගේ අයිය වැඩ කළේ නුවරඑළිය පොලීසියෙ. ගෙදර ආවම නිවාඩුව දීර්ඝ කරගන්න ඕන වුනොත් මාතර තැපැල්කන්තෝරුවට ඇවිල්ල හවස හයේ ඉඳල රැ එකොළහ වෙකන් ඉන්නව කෝල් එක බුක්කරගන්න. කෑම බීමත් එහෙමනෙ. ආප්පපිට්ටු,බත් හැර ඔය කොත්තුප‍්‍රයිඞ්රයිස් එහෙම ඒ කාලෙ තිබුණෙ නැහැනෙ. කොටින්ම මිනිහගෙ ජීවිත කාලයත් කෙටියිනෙ. ඒකනෙ පනස්පහෙන් පස්සෙ පැන්ෂන් දුන්නෙ.

ඔබ කියන්නෙ විශ‍්‍රාම වැටුප දුන්නෙ ජීවිත කාලය කෙටි නිසා කියලද?

ඔව්. පුතා ඔයා දන්නවදඒ කාලෙ මිනිහගෙ ජිවිත කාලය අවුරුදු පනහයිපනස් පහයිහැටයි. මේ කාලෙ වගේ අවුරුදු අසූවක් අනූවක් ජීවත් වෙන බව දැනගත්තනම් ජීවිතේට පැන්ෂන් පඩියක් හදන්නෙ නැහැ. මොකද එහෙම වුණාම සේවා කාලයට වඩා වැඩි කාලයක් පැන්ෂන් එක ගෙවන්න වෙනවා. ඇයි මිනිසාගේ ආයු කාලය වැඩි වුණේවෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා. ඒ කාලෙ මේතරම් දුරට වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබුණෙ නෑ. එදා දහදෙනෙක් ඉපදුනානම් පස්දෙනෙක් මැරෙනවා වයස දහය එකොළහ වෙද්දි. කලාතුරකින් මිනිහෙක් දෙන්නෙක් අවුරුදු අනූවක් විතර ජීවත් වෙනව. ඒ සියල්ලෙම සමස්ථය ගත්තම එදා පරමායුෂ උපරිම අවුරුදු පනස් පහයි. අද ශරීරයේ කොටස් බද්ධ කරන්න පුළුවන්. ඇස්දත්වකුඩු විතරක් නෙවෙයි හදවතත් බද්ධ කරන්න පුළුවන්.’’

එතකොට ඔබ කියන්නෙ: දීර්ඝායුෂ සහිතබොහොම සමෘධිමත් ස්වයංපෝෂිත අතීතය මිත්‍යාවක් කියලද?

‘‘ඔව් පුතා. ඒක සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්. හීනයක්. අපි නිතරම සමන් මලින් පවන් සැලේ කියනව වගේ අතීතයට පවන්ගහන්නනෙ පුරුදු වෙලා ඉන්නෙ. මිනිස් ජිවිත ඇතුළෙ චරිත දෙකක් ඉන්නව. අතීත ස්මරණය සහ අතීත ගොඩෝ. ඒ අය වර්තමානය ගැන හිතන්න බයයි. ඒ මොකදඅපිට ආගමෙන් දීල තියනව බොහොම භයානක සංකල්පයක්. විශේෂයෙන් ම මේ භික්‍ෂුව මුල්කරගත්ත ආගමෙන්. හිනා වුනොත් අඩන්න වෙනව. මල් පිපුනොත් පරවෙනව. මේ සියල්ල අනිත්‍යයි. ඉතිං අද ගැන කතාකරන්න බයයි. ඒ නිසා තමයි අර අතීත වන්දනාව කරන්නෙ. නමුත් අතීතය මෙයින් දශමයක් හොඳ නෑ. හැම වෙලාවෙම හිතන්න ඕන අදට වැඩිය හෙට හොඳයි’ කියල. ඔන්න ගුරුවරය චේන්ජ් වෙච්ච තැන.

මම මේ කාලයේ උගන්වන්න ගියානම් මට මෝටර් සයිකලයක් ඕන. අතීතයේ අපේ ගෙවල්වල කරපු අමාරුම වැඬේ තමයි හාල් ගැරීම. ඒක තමයි කිව්වෙආච්චිට හාල් ගරපන්’ කියල. ඒක ඒතරම් අමාරු වැඩක්. ඔයා දන්නවද අපිට වතුර ගේන්න අපේ ජිවිතකාලයෙන් කොපමණ වැය කරන්න සිද්ධ වෙලා තියනවද කියලගැහැනියකගෙ ජීවිතකාලයෙන් එයා වතුරගේන්න ගිය කාලය එකතු කළොත් ඒ වෙනුවෙන් වැය වෙච්ච කාලය අවුරුදු තුනක්. ලිපට පිඹන්න අවුරුද්දක් වැය කරල තියනව. නමුත් දැන් මේව නෑනෙ. දැන් මිනිස්සුන්ගෙ ජිවිතය ඉතා යහපත්. හැබැයි මේ යහපත් ජිවිතය ගතකරන්න මුදල් ඕන. හැමෝම මුදල් හම්බ කරනව. ඉතිං පුතා ගුරුවරයත් කැමති නැද්ද මේ යහපත් ජීවිතය ගතකරන්න. එයත් ඒ යහපත් ජීවිතය ගතකරන්න ඕන. අන්න එතකොට කියනව ගුරුවරය පිරිහිලා කියල. මේක හරිම කුහකකමක්නෙ පුතා. අද: වෙදාගෙන්ගුරුවරයගෙන් එදා ක‍්‍රමය ම බලාපොරොත්තු වෙනවනම් ඒක විශාල කුහකකමක්. යහපත් ජිවිතයක්සරුසාර ජිවිතයක් ගතකරන්න නම් මුදල් ඕන. විදේශීය ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ පොතක් මම කියෙව්ව. ඒකෙ තියනව යහපත් භික්‍ෂුවගේ ලක්‍ෂණ දෙකක්.

01. මුදල් පරිහරණය නොකිරිම
02. 
බඹසර රැකීම.

බඹසර රකින එකනම් ඉතිං ඔය කොල්ලෙක් අල්ලගත්තම කරන්න පුළුවන්.

මං අහන්නෙ මුදල් පරිහරණය කරන්නෙ නැතුව ඉන්න පුළුවන්දබැහැනෙ. ඒක කරන්න බැහැ. දැන් මම මගේ පිළිතුරේ සමස්ථය ගත්තම දැනෙනවද පරිහානියක් නෑ කියල. ගුරුවරයාගේ පමණක් නොවෙයි පුතා ඔයා කියපු කිසිවකුගේ පරිහානියක් සිදුවෙලා නෑ. වෙලා තියෙන්නෙ කාලානුරූපව වෙනස්වීම පමණයි. අනාගත ගුරුවරයාඅනාගත වෛද්‍යවරයා මීටත් වඩා වෙනස් වෙනවා.’’

ඔබ කලින් සඳහන් කළා ගුරුවරයා උගන්වන්න දන්නෙ නැහැ කියල. ඒක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?

‘‘ඔව්. මම හොඳ උදාහරණයක් කියන්නම්. මගේ මිත‍්‍රයෙක්ගෙ ගෙදරට රට ඉඳල ආපු දරුවෙක් පොඩි ටෝච් එකක් ගෙනල්ල. ඒක ඇඟට ඇල්ලවම ඇෙ`ග් ඒ තැන දෙදරනව. එයාගෙ දරුවෙක් ඉන්නව විද්‍යාව කරන. අට වසරෙ. එයා කියනව, ‘තාත්තෙ අර අයිය අක්කට ටෝච් එක අල්ලන එක හොඳ නෑ. ඒකෙන් එයාලට බබාල හම්බ වෙන්නෙ නෑ’ කියල. බලන්න මේ දරුවට මේ දැනුම ආවෙ කොහෙන්දමේ දරුවගෙ ගෙදර නැවතිලා හිටිය උසස් පෙළට භෞතික විද්‍යාව කරපු දරුවෙක්. මේ දරුවට අර දැනුම එන්නෙ ඒ හරහා. නමුත් මට හෝ මගේ මිත‍්‍රයට ඒ දැනුම තිබුණෙ නෑ. ඒකයි මම කිව්වෙ විද්‍යා ගුරුවරය විද්‍යාව විතරයි දන්නෙ. ගණිත ගුරුවරය ගණිතය විතරයි දන්නෙ. සෞඛ්‍ය ගුරුවරය සෞඛ්‍ය විතරයි දන්නෙ. මොකද ඒ අය ළඟ තිබුනෙ ඉගැන්වීම් පැකේජ් එකක් විතරයි. නමුත් අද ඉන්න ගුරුවරය ඊට වඩා දැනුවත්. ගුරුවරයට වඩා ළමයි දැනුවත්. ඒ දනුම් සාගරය ලෝකය පුරාම විසිරිලා තියෙන්නෙ. මේ විසිරිලා තියන දැනුම එක්ක බැලූවම ජිවිතයට වැදගත් වෙන කිසිවක් මේ ගුරුවරයට දෙන්න බෑ. මේක ගුරුවරය මුහුණ දීපු විශාල අභියෝගයක්.

දැන් බලන්න විභාග ක‍්‍රමය. විභාග ක‍්‍රමයට ඉස්කෝලෙන් යැපෙන්න බෑ. ගුරුවරයා මට වඩා යමක් දන්නවාය කියන විශ්වාසය අද දරුවන් තුළ නෑ. අද ඉංග‍්‍රීසි දැනුම තියනවනම්පැය පහක් ඉන්ටනෙට් එකට ගියාම මුළු පාසල් ජීවිතය පුරාම තියන දැනුම ඒ පැය පහෙන් ගන්න පුළුවන්. මම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන නීතිය උගන්වනව. වසර දහයක පහළවක ඉඳන් මේ රැකියාව කරන්නෙ. දැන් මම මොකද කරන්නෙමාතෘකාව දෙනව. තොරතුරු හොයාගන්න කියනව. හොයාගෙන ඉන්න අය ඔක්කොටම බෙදන්න කියනව. එතනදි මම අත්දුටුව දේ තමයි පුතා මම දන්න නීතිය මොකක්ද?’ කියන එක. මොකද මේගොල්ල ඉන්ටනෙට් එකෙන් ගන්න තොරතුරු මම උගන්වන දේවලට වැඩිය ගොඩක් ඉස්සරහින් තියනව. පොඩි ප‍්‍රමාණයකුත් නෙවෙයි. පිටු පනහක් විතර ගන්නව. මේ මහා විපර්යාසයත් එක්ක ගුරුවරයා නොවැදගත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. තමන්ගෙ පෞරුෂය අහිමි වෙනවා. එතකොට මොකද කරන්නෙළමයට කියල වන්දව ගන්නව. මොකදසංකල්පයක් දීල තියනව යහපත් ළමයාගේ ලක්ෂණය ගුරුවරයාට වැදීම යගුරුවරයා කියන දේ අසා සිටීම යගුරුවරයාගෙන් ප‍්‍රශ්න නො ඇසීම ය’ කියල. මේක සම්පූර්ණයෙන් ම ශිෂ්‍යයා නිර්වින්දනය කිරීමක්. මේක තමයි දැන් අධ්‍යාපනයේ තියන ක‍්‍රමය.

ළමයගෙ වාර්තා පොතේ ලියන්නෙත් දෙමාපියන්ට වැඳපු වාර ගණන. ගුරුවරුන්ට වැඳපු වාර ගණන. හාමුදුරුවරුන්ට වැඳපු වාර ගණන. මේ මොකක්ද?දරුවන්ගෙ කොන්ද කැඞීම. ඇයි මේ විදියට දරුවන්ගෙ කොන්ද කඩන්නෙමේ ඇති වෙච්ච අභියෝගය ජයගන්න ක‍්‍රමවේදයක් ගුරුවරයා තුළ නෑ. මොකද ලෝකයේ හුගක් දේවල් වෙනස් වෙලා. නමුත් වෙනස් නොවුන තැනක් තියනව. මොකක්ද ඒපුතා... ඒක තමයි ඉස්කෝලය. මොනව වෙනස් වුනත් ඉස්කෝලය වෙනස් වෙලා නෑ. පරණ කළු ලෑල්ලපරණ හුණු කෑල්ලමේක බොරුනම් ළමයෙකුට අඳින්න දෙන්න ඉස්කෝලයක්. ළමය අඳින්නෙ මොකක්ද?වේවැලක් තියන් ඉන්න ගුරුවරයෙක්. ඇයි මේ?

වෙනස් නොවීම. එතනදි ගුරුවරයාට හීනමානයක් ඇතිවෙනවා. ඒකෙත් වෙනස්කම් තිබෙනවා. මොනරාගල ප‍්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ඒ ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමදළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙඋච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්. මෙන්න මේ තත්ත්වය තේරුම් නොගන්න නිසා තමයි පුතා ගුරුවරයා පිරිහිලා කියන්නෙ. මේක පිරිහීමක් නොවෙයි. අප්ඬේට් නොවීමක්. සිංහලෙන් කියනවනම් යාවත්කාලීන’ නොවීමක්. මේක ගුරුවරයට විතරක් සිද්ධ වුන දෙයක් නෙවෙයි. භික්‍ෂුවටවෙද මහත්තයටවින්ඹු අම්මට ආදි මේ සියලූ දෙනාට මේක බලපානවා.’’

අපි මෙච්චර වෙලා කතා කළේ ගුරුවරයා පිළිබඳවනෙ. මේ ගුරුවරය වගේ ම ආදර්ශමත් ශිෂ්‍යයෙක් අපිට හිටියනෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේ හැමතැනම සුවචකීකරු ආදර්ශමත් පාලනය කරන්න පුළුවන් ශිෂ්‍යයෙක්. දැන් මේ ශිෂ්‍යයට මොකද වෙලා තියෙන්නෙ?

‘‘ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ඒ ළමය නෑ. ඇයි මේපාසල අසාර්ථක වීම. ලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්‍ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. ඒ නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. දැන් ඔයා මට කියන්න පුතා ඔය කියන ළමයාගේ තිබිය යුතුයි කියල විශ්වාස කරන ගුණාංග පහක්. ඉස්කෝලවලනම් කියන්නෙ: ගුරුවරයාට ගරුකරනවැඩිහිටියන්ට ගරු කරනඅවංකආගමට අනුකූල ළමයෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. මේ ඇයිගුරුවරයාට සහ දෙමාපියන්ට වාසි වෙන විදියේ ළමයෙක් හදන්න තමයි මේ උත්සාහ කරන්නෙ. නමුත් පුතා දැං එහෙම ළමයෙක් නෑ. දෙමාපියන්ට වඩා හුඟක් ඉස්සරහින් ළමය ඉන්නෙ.’’

පවතින දේශපාලනයත් එක්ක සහ පවත්නා ක‍්‍රමයත් එක්ක මේ දේවල් කොහොමද පෑහෙන්නෙ?

ඕක බොහොම වෙනස් වගේ ම සංකීර්ණ කාරණයක් පුතා. මම ගුරුවරුන්ට කියන්නෙ ළමයින්ට ගහන්න එපා. ගැහුවොත් මොකද වෙන්නෙඅද ගුරුවරයගෙන් කනේ පාර කාපු ළමය හෙට ප‍්‍රාදේශීය සභාවෙ මන්ත‍්‍රීඅනිද්ද පළාත් සභාවෙ මන්ත‍්‍රී. ඉන් අනිද්දට අධ්‍යාපන ඇමති. එදාට එයා ගුරුවරයගෙ කනට නෙවෙයි ගහන්නෙ.... දැන් ඉන්නෙ ඉස්සර ළමයි නෙවෙයි. දැන් ළමයි සමාජය එක්ක ඉක්මනට ම පිබිදෙනව. ගුරුවරු විතරයි පිබිදිලා නැත්තෙ. ශිෂ්‍යයා නිර්වානයට ගිහින්. ගුරුවරයා තවමත් පහ වසරට බුද්ධාගම උගන්වනව. ගුරුවරයාට වඩා ළමයා මේ චේන්ජ් එක අවශෝෂණය කරගෙන. දැන් ළමයින්ට උගන්වන්න පැය පහක් වෙන් කරල තියනවනෙ. නමුත් සමස්ථයක් විදියට ගත්තම අවුරුද්දෙ ම ළමයට උගන්වල තියෙන්නෙ පැය කියදපැය දෙකහමාරයි. ඇයිආගම අදහන්න. උත්සවවලට සහභාගි වෙන්න. පාසල් අතුපතුගාන්න. ස්පෝර්ට්මීට්වලට. ඒවට තමයි කාලය වැයකරල තියෙන්නෙ. ප‍්‍රධාන ම දේ තමයි ළමයින්ගේ කාලය අපතේ නොහැරිම සහ ළමයාට කලට වේලාවට වැඩ කරන්න ඉගැන්වීම. ප‍්‍රශ්නකිරිමට පෙළඹවීම.

ළමයින්ට කවදාවත් මේකට අවස්ථාව දීල තියනවදඅනිත් කාරණාව තමයි මුල් ගුරුවරයා: හමුදාවෙ හිටපු කෙනෙක් මුල් ගුරුවරයා වුනොත් ළමයින්ට හොඳ ට කාලකළමනාකරණයශාරීරික ව්‍යායාමවිනයගරුක බව කියා දෙනව. භික්ෂූන්වහන්සේ කෙනෙක් හෝ සිවුරු හැරගිය පුද්ගලයෙක් පත්වුනොත් සිල්ගන්න විදියපන්සල් යන්න ඕන විදියමල් පහන් පූජ කරන්න ඕන විදිය කියල දෙනව. හොඳ කොන්ත‍්‍රාත්කාරයෙක් දැම්මොත් සිමෙන්ති අනන විදියබිත්ති පාට කරන විදිය කියල දෙනව. ඒ වගේ තමන් දන්න දේ විතරයි කියල දෙන්නෙ. ඊළඟට නිර්මාණශීලිත්වය. ළමයට මොනවද දෙන්නෙ නිර්මාණශීලිත්වය වර්ධනය වෙන්න. ගස්ලබු ගෙඩියක් මේසය උඩ තියල බලාගෙන අඳින්න කියනව. එහෙම නැත්නම් රචනාවක් ලියාගෙන එන්න කියනව. මේකට ද ළමයි ඉස්කෝලෙ එන්නෙඉතින් කොහොමද ඉස්කෝලවල ළමයි ඉන්නෙ?’’

දැන් ඔබ නිර්මාණශිලිත්වය පිළිබඳව සඳහන් කළා. තවමත් අපේ පාසල් පද්ධතිය තුළ නිර්මාණශීලිත්වයයි latrel thinking කියන එකයි ස්ථානගත වෙලා නැහැ නේද?

‘‘අපට තියෙන්නෙ ලොජිකල් අධ්‍යාපනයක්නෙ. එක දෙක තුන හතර පහ කියල ඉලක්කම් ටික ලියන්න ඕන. ළමය හිතන දේ කියන්න බෑ. මොකද ලංකාවෙ ප‍්‍රධාන පාසලක දරුවකුගෙන් ගුරුවරය ප‍්‍රශ්නයක් ඇහුවම ඒදරුව කියනව සර් මම හිතන්නෙ...’’ දරුව උත්තරේ කියන්නත් ඉස්සර වෙලා ගුරුවරය කියනව, ‘හිතන්න දෙයක් නෑ ඕයි මම කියපු එක කියනව’ කියල. මෙහේ තියෙන්නෙ ඒ වගේ ක‍්‍රමයක්නෙ. විභාග ප‍්‍රශ්න පත්තර හදන්නෙ ඒ අය. උත්තර පත්තර බලන්නේ ඒ අය. එතනදි කොහොමද ළමයගෙ නිර්මාණශීලිත්වය ගොඩ නැගෙන්නෙඒකයි මම කිව්වෙ එදා ගුරු මුහන්දිරම් උගන්වපු ඉස්කෝලෙ සහ අදසර්’ උගන්වන ඉස්කෝලෙයි අතරෙ කිසිම වෙනසක් නැ කියල.

අද නිර්මාණශීලිත්වයට කියල මොනවද කරන්නෙළමයි කථික තරගවලට පුරුදු කරනව. ඇගිල්ල දික්කර කර කතා කරන්නනෙ මේ උගන්වන්නෙ. ලොකයේ තියන නරක ම දේ තමයි කථික තරගවලට පුරුදු කිරිම. මේ දරුවො තමයි අනාගතේ දි මේ රටේ දේශපාලන පොර පිටියට එන්නෙ. අවසානෙදි ජනතාවගෙ පරම හතුරො වෙන්නෙ පාසලේ කථික තරගයෙන් දිනපු ළමය. ඊළගට දහම් පාසල් අධයාපනය. දරුවට ඉරිදට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. දෙමාපියන් එක්ක ඉන්න. සින්දුවක් අහන්න. චිත‍්‍රපටයක් බලන්න. දහම්පාසලට යවල ළමයගෙ වටිනා කාලය පැහැරගන්නව. එදාට අර පැකේජ් එකේ ඉතුරුටිකට දරුව හිර කරනව. මේක සම්පූර්ණයෙන් ම ළමයාගේ කොන්දට ඉන්ජෙක්ෂන් ගැහීමක්.’’

මේ විදියට ළමයාගේ කොන්දට ඉන්ජෙක්ෂන් ගහන එකයි මහා දේශපාලනයයි අතර තිබෙන සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?

‘‘ඔව් පුතා... මේක තමයි නිහඬව සිටීම හොඳම දේ කියල උගන්වන තැන. මොනතරම් අපරාධ වුනත්තමන්ට මොනතරම් අසාධාරණකම් වුණත් නිහඬව ඉන්න කියල තමයි මේ උගන්වන්නෙ. එතකොට දේශපාලකයින්ට පුළුවන් තමන්ට ඕන ඕන විදියට රටේ පාලනය ගෙනියන්න. අනිත් එක තමයි මෙයින් ළමයට හැඟීමක් එනවා හැම දෙයක් ම තනියෙන් කරන එක හොඳයි කියල. තනියම ජිවත්වීම හොඳයි කියල.’’

latrel thinking එක ස්ථානගතවෙන්න ඕනම තැන පාසල සහ විශ්වවිද්‍යාලයනෙනමුත් මේ දෙපලෙම මේක ස්ථානගත වෙලා නැහැ නේද?

‘‘මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ළමයකුගෙන් අහනව බැරෝමීටරයක් දුන්නම ගොඩනැගිල්ලක උස සොයන්නෙ කොහොමද කියල. මෙයා උත්තරයක් ලිව්වා. බැරෝ මීටරයත් අරගෙන ගොඩනැගිල්ලෙ උඩට ගිහින් ලණුවක බැරෝ මීටරේ ගැටගහල ඒක පහළට දාල ලණුවේ දිග මැනීම’ කියල. දැන් මේ පිළිතුරු පත්තරේ බලන ගුරුවරය කිව්ව මේකට ලකුණු දෙන්න බැහැ කියල. නමුත් එයාට ඉහළින් ඉන්න කෙනා කිව්ව මේකට ලකුණු දෙන්න කියල. දෙවන වතාවෙ නැවතත් ලියන්න දුන්න. ඒ පාර එයා ලියනව බැරෝ මිටරේ අරගෙන මැන මැන උඩට යනව’ කියල. අවසානයේ දි මේ ශිෂ්‍යයාගෙ පිළිතුර පිළිගන්න සිද්ධ වුණා. අන්න ඒක තමයි latrel කියන්නෙ. එක ප‍්‍රශ්නයකට එක උත්තරයක් විතරක් නෙවෙයි තියෙන්නෙ. නමුත් අපේ අධ්‍යාපනයේ තියෙන්නෙ එක උත්තරයයි.’’

ඇයි කොළඹ මිශ‍්‍ර පාසල් නැත්තෙ?

‘‘කොහොමද පුතා මිශ‍්‍ර පාසල් බිහිවෙන්නෙ මාතර රාහුලයට තවමත් සිංහලබෞද්ධ ගොවිගම නොවන ප‍්‍රින්සිපල් කෙනෙක් නොදානකොට. ආනන්දයේ වුනත් එහෙම තමයි. මෙත්තානන්දලගෙ කාලෙ කුලරත්නලගෙ කාලෙ මේ ක‍්‍රමය දැඩි විදියට ක‍්‍රියාත්මක වුණා. ඉතිං පුතා මේ ඉස්කොලවලින් එන අයගෙන් සමාන ජාතියක් ගොඩනගන්න පුළුවන්දමේ දෙගොල්ල දෙගොල්ලන්ගෙ සංස්කෘතීන් හඳුනන්නෙ නෑ. මුස්ලිම් මනුස්සයට තම්බිය’ කියල කියනව. දෙමළ මනුස්සයට දෙමළා’ කියල කියනව දෙමළ අය කියනව සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල’ සාප්පුවල තියන දේනෙ අපි මිල දී ගන්නෙ. අනෙක් කාරණය ගෑනු පිරිමි බේදය. ගෙදර අක්කලනංගිලඅය්යලමල්ලිල ඔක්කොම එකට බුදියගන්නෙ. ඉස්කෝලෙ ගෑනු පිරිමි වෙන වෙනම. අන්තිමේදි මොකද වෙන්නෙකොල්ලො කොල්ලන්ට ලියුම් ලියනව. කෙල්ලො කෙල්ලන්ට ලියුම් ලියනව. Homosexual. සමලිංගිකත්වය.’’

ඔබ හොඳ තැනකට ආව. සමලිංගිකත්වය කියන විෂය ඔබේ පාසල් අවධියෙත් තිබුණ. දැනුත් සමාජයේ මෙය පැතිරිලි තියනව. ඔබේ ප‍්‍රකාශය අනුව හැඟෙනව ඒ කාලෙත් මෙය තිබුණ බව. දැන් වෙනසකට තියෙන්නෙ මෙය හෙළිදරව් වීම පමණද?

‘‘ඔව් ඔව්... ඒ කාලෙ මේක හොරාට කරගෙන ගිය කර්මාන්තයක්නෙ. දැන්නෙ මේක මේ ප‍්‍රසිද්ධියේ කරන්නෙ. දැන් එහෙම මේකට විරුද්ධ වුනොත් ඒ කර්මාන්තයේ යෙදිල ඉන්න ගිහි පැවිදි දෙගොල්ලගැහැනු පිරිමි බේදයකින් තොරව පාරට බහීවි. මෙන්න මේ සම්ප‍්‍රදායික පාසල් ක‍්‍රමය තමයි පුපුරවා හරින්න ඕන. ලෝකයේ දැනුම වර්ධනය වෙන වේගය අනුව සම්ප‍්‍රදායික පාසල්වලට මේ ගමන යන්න බෑ. දැන් උගන්වන්වා කියන එක වලංගු නැ. වර්ධනය වෙන දැනුම ළමයාට ලබාගන්න පුළුවන් වැඩ පිළිවෙළක් හදන්න ඕන.’’

සාක්ච්ඡා කළේ - ජයසිරි අලවත්ත                                      

ඡායාරූප - නිලන්ත ගමගේ         

8 comments:

  1. මට මේ ලිපිය කියෙව්වහම දැන් ඉන්න තරුණ පරම්පරාව ගැන පුදුමයක් හා කනගාටුවක් දැනුනා. මෙතුමා ඉන්නේ අනාගතයේ, ඔහුට වඩා තරුණ දෙමාපියන් ඉන්නේ අතීතයේ. ජිවත් වීමට උගැන්වීම වෙනුවට රැකියාවකට පුහුණු කිරීමක් කලත්, අන්තිමට කරන්න රස්සාත් නැහැ. ඉරිදට විතරයි දරුවනට මවුපියන් සමග ගීතයක් අහන්න, හොඳ සිනිමා පටයක් නරඹන්න, හිනා වෙන්න කතා කරන්න තියෙන්නේ. එයත් ඔවුන්ගෙන් උදුරා ගන්නවා. මේ හිතන ක්‍රමය ලංකාව තුල විතරක් නොවේ, මේ අය වෙන රටවල් වලට ගියහමත් ඔවුන්ගෙන් ඉවත් වෙන්නේ නැහැ. එවිටත්, ඒ රටවල තියන ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට, මේ අසාර්ථක ක්‍රමය බලෙන් ස්ථාපිත කර ගන්න හදනවා. බලන්නේ ලංකාවෙන් ගෙන්නා ගත් කුණු ටෙලි නාට්‍ය, අහන්නේ කුණු සින්දු, පොතක් පතක් කියවන්නේ නැහැ, පත්තරයක් බලන්නේ නැහැ. ඒ වෙනුවට දරුවන් වෙන අය ලඟට යවලා, උගන්වාපන් කියලා, අමාරුවෙන් හොයා ගන්න මුදල් ටික පූජා කරන ගමන්, දරුවාගේ නිදහස් කාලයත් උදුරා ගන්නවා. පාසලේ ගුරුවරයා හම්බ වෙන්න යන්නේ නැහැ. දරුවාට ගෙදරදී මොනවාද කළ යුත්තේ, කොහොමද, මොන අංශ වලින්ද උදව් කරන්න ඕනේ කියා මේ දෙමාපියන් හොයන්නේ නැහැ. එය ටියුෂන් ගුරුවරයෙකුට පවරලා අතපිහ දා ගන්නවා.

    ReplyDelete
  2. අන්තර් ජාලයෙ වර්තමානයෙ තියන බහුතරයක් විකාර අදහස් අතරේ කාලෙකට පස්සෙ කියවපු ඉතාම වැදගත් ලිපියක්.

    කියන්ට තියනදේ කෙලින්ම කියන මිනිසුන්, ඩාවින්ගේ පරිණාම වාදය අනුව දැඩි අවදානමට ලක්වූ ,සීග්‍රයෙන් මිහිපිටින් ( අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෝ ) වඳවී යන සත්ව කොට්ඨාශයක් වූ අද වගේ යුගයක ගුණසේකර මහතාණනි, ඔබ වැන්නවුන් අනාගතය කෙරෙහි එක් කුඩා බලාපොරොත්තුවක් හෝ නොනැසී පවත්වාගැනීමට බල කරන බව පවසමින් නවතිමි.

    ReplyDelete
  3. ළමා අපයෝජකයින් ගැන දැන ගන්න:

    1. ළමයාගේ ස්වාධීන බව වෙනුවට කීකරුකම වැඩිය යුතුයැයි කියන පුද්ගලයා

    a. නිතර ගැවසෙන තැන්: ජන මාධ්‍යය, පාසැල, අධ්‍යාපනයට අදාළ පරිපාලන/ දේශපාලන/ ප්‍රතිපත්ති සැකසෙන වෙනත් තැන්, පූජනීය ස්ථාන සහ නිවස.

    b. හැඳිනීමේ ලකුණු: නොයෙකුත් වයස් කාණ්ඩ ගැහැණු පිරිමි දෙපක්‍ෂයම. බොහෝ විට තමන් ළමයින්/ ළමා මනෝ විද්‍යාව/ අධ්‍යාපනය/ අධ්‍යාපන ම‍නෝ විද්‍යාව/ අපරාධ විද්‍යාව/ සමාජ විද්‍යාව/ මනෝ වෛද්‍ය විද්‍යාව ආදිය සම්බන්ධ විශේෂඥයෙකු ලෙස පෙනී සිටීමට කැමතිය. කීකරුකම හා කීකරු දරුවෙකුගෙන් පවුලට රටට වන මහත් වැඩ ගැන ඉතිහාසය/ පැරණි කතා/ සංස්කෘතිය/ ආගම ආදිය හරහා වර්ණනා කරයි. බොහෝ අයට (මුහුණට නොකිවුවද), විශේෂයෙන්ම තම සමීප අයට, අප්‍රියකර පුද්ගලයෙකි. නමුත් ප්‍රසිද්ධ ‍වේදිකාවේදී/ ජන මාධ්‍යයේදී ජනප්‍රිය ඔපවත් චරිතයකි.

    c. හානිය: ළමයා වඩා බලවන්ත අයට බය දුර්වල පුද්ගලයෙකු බවට පත් වීම. බල රහිත/ දුප්පත්/ පිටිසර/ ඉංග්‍රීසි හරිහැටි කතා නොකරන පවුල්වල දරුවන් පරම්පරා ගණනක් තිස්සේ බල රහිත මට්ටමමේම තබා ගැනීම.
    d. සැළකිය යුතුයි: මෙ‍ම අපයෝජකයා සුපිරි ළමා මිතුරු වැඩිහිටියෙකු සේ පෙනී සිටීමට ඉතා දක්‍ෂයි. ළමා අපයෝජන ගැන කතා කිරීමට බෙහෙවින් කැමතියි. එම නිසා ළමයින්ට ඔවදන් දීමට අවස්ථාව ලැබෙයි. ළමයාට පෙනෙන්නේද ළමා මිතුරු වැඩිහිටියෙකු සේ වියහැක.

    e. උදාහරණ: ‘නොතළා හදන දරුවා හැඳි නොගා හදන හොද්ද මෙනි’ යනුවෙන් වැදි බණ කියමින් කීකරු දරුවන් හදන හැටි දේශණා කරන වියත් යැයි කියා ගන්නා අයෙකු, ‘ඒ කාලේ ගුරුවරු අපට ගහලා හදපු නිසානේ අද අපි මේ වගේ යසට ඉන්නේ’ යැයි කියන වැඩිහිටියා, තමන් දෙන ඕනෑම අණක් එසැණින් ක්‍රියාත්මක කරන තම දරුවා ගැන ආඩම්බර වන මවුපියා, මගේ දරුවා අනේ එහෙම නැතැයි කියා වැළපෙන මවුපියා.

    ReplyDelete
  4. ළමා අපයෝජකයින් ගැන දැන ගන්න:

    2. ළමයාගේ සෘජු බව විනාශ කරන ගුරුවරයා

    a. නිතර ගැවසෙන තැන්: පාසැල, පෞද්ගලික අධ්‍යාපන ආයතන, දහම් පාසැල, අධ්‍යාපනයට අදාළ පරිපාලන/ දේශපාලන/ ප්‍රතිපත්ති සැකසෙන වෙනත් තැන්.

    b. හැඳිනීමේ ලකුණු: ගුරු තනතුර විධිමත්ව හෝ අවිධිමත්ව හොබවන ගැහැණු හෝ පිරිමි කෙනෙකු. ගුරුවරයා අකමැති දෙයක් ළමයා කළ සැණෙන් එය කෙසේ හෝ වළකයි. තමන් කැමති සහ තමන්ට මෙල්ල වන ළමයින් හොඳ/ දක්‍ෂ/ පාසැල් නම රකින ළමයින් ලෙසත් අකමැති තමන්ට මෙල්ල නොවන ළමයින් නරක ළමයින් ලෙසත් වර්ග කරයි. දඬුවම්/ අවමන් කිරීම් නිතර ළමයා මෙල්ල කිරීමට භාවිතා කරයි. නිතර ළමයා පරීක්‍ෂා කරයි. නිතරම ළමයා විනිශ්චය කරයි. ළමයා තනිව ගන්නා සෑම තීරණයක්ම වැ‍රදි තීරණයක් ලෙස දකියි.

    c. හානිය: ස්වාධීන බව මැරී ගිය කොන්ද පණ නැති අයෙකු බවට ළමයා පත් වෙයි. ළමයාව බලා කියා ගැනීම ඉතා පහසු වෙයි.සුළු තීරණයක් පවා ගන්නේ අන් අයගෙන් අසාය. තමන් කැමති කුමක්දැයි කීමට ඉඩ දුන්නද එය පැවසීමට අපහසු බව පෙනෙයි. ළමයාගේ ඇස්වලින් ටිකින් ටික ප්‍රබෝධයේ නොනිමෙන දැල්ල අතුරුදන් වී යයි. වියත් සබා මැද/ නගර මධ්‍යයේ/ කාර්යාලය තුළ/ විශ්ව විද්‍යාලයේදී ඇකිළෙන ස්වභාවයක් පෙන්වයි. බල රහිත/ දුප්පත්/ පිටිසර/ ඉංග්‍රීසි හරිහැටි කතා නොකරන පවුල්වල දරුවන් පරම්පරා ගණනක් තිස්සේ බල රහිත මට්ටමමේම තබා ගැනීමද හානි ලැයිස්තුවට අදාළය.

    d. සැළකිය යුතුයි: ඉතාම සුලබ ලෙස දැකිය හැකි අපයෝජකයෙකි. මෙම ගුරුවරයා බොහෝ විට තමන් අන් ගුරුවරයිනට වඩා සාර්ථක/ හොඳ ගුරුවරයෙකු යැයි සිතයි; එසේ කියයි. ළමයිනට නිතර පෙර මග පෙන්වා දිය යුතු බව, ළමයිනට තීරණ කිසිවක් ගත නොහැකි බව, ළමයින්ගේ මොළය මෝරා නැති බව, ළමයිනට අත්දැකීම් නොමැති බව, වැඩිහිටියන්ට මහත් වූ අත්දැකීම් ඇති බව විස්වාස කරයි; එසේ කියයි. සෑම අවස්ථාවකදීම වැඩිහිටියෙකු ගන්නා තීරණය හරි බවත් දරුවෙකු ගන්නා තීරණය වැ‍රදි බවත් සිතයි. වැඩිහිටියන් හොඳ නරක දන්නා බව කියයි; එහෙත් වැඩිහිටියන් දෙදෙනෙකු යම් කරුණත හොඳ නරක ගැන වෙනස් මත දැරීම තුළින් තම තර්කය බි‍‍ඳී යන බව නොදකියි. ළමයිනට බෙහෙවින් අප්‍රිය ගුරුවරයෙකි.

    e. උදාහරණ: ළමයා පොත් වලට කවර දැමූ ක්‍රමය වැරදියැයි නැවත තම උපදෙස් පරිදි කවර දැමීමට නියෝග කරන ගුරුවරයා/ වරිය, තමන් කියන්නට පෙර පෙළ පොතේ ඊළඟ පාඩම කියවූයේයැයි ‍‍‍ගෝරනාඩු කරන ගුරවරයා/වරිය, පාසැල් උත්සවයකදී තමන් සියළු තීරණ ගෙන ළමුන් ඒවා ක්‍රියාත්මක කිරීමට පමණක් සහභාගි කරවාගන්නා ගුරුවරයා/ වරිය, ‘ඔයාට ඉතින් කවද්ද ගණං පුළුවන් වු‍ණේ’ යැයි ගරහන ගුරුවරයා/ වරිය

    ReplyDelete
  5. මේකෙන් කොටසකට එකඟ වෙන්න පුළුවන් වුනත් කිසිම දාර්ශනික පසුබිමක් නැති රළු විග්‍රහයක් පමණයි. කිසිම නවීන අදහසක් නෑ නිකම් දුවන්නන් වාලේ දුවන්න කියන එක තමයි මට නම් වැටහෙන්නේ.

    Quote:
    ‘‘මේක ගුරුවරුන්ට පමණක් නොවෙයි: කලාකරුවන්ට, වෛද්‍යවරුන්ට, කම්කරුවන්ට සහ සෑම වෘත්තීය ක්ෂ්ත‍්‍රයටම පොදු සාධකයක්. එයා කියපු, මට පෙර හිටපු ගුරුවරු ඉන්නව නේද? ඒ අය යහපත්, සුචරිත, මුදල් පසුපස හඹා නොයන අය. ඒ අයට යහපත් වෙනව හැර වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මිනිස්සු වයසට ගියාම දත්බුරුල්වෙන නිසා මස් කන්නෙ නෑනෙ පුතා. ඔය යහපත්කම කියන එකත් අන්න ඒ වගේ. නමුත් අපි කියන්නේ සිල්වත් නිසා මස් කන්නෙ නෑ කියල. ඒ කාලෙ තිබුණ ආර්ථිකය හරිම අල්පේච්ඡයි. අල්පේච්ඡයි කියන්නෙ ඇයි. මිනිස්සුන්ට සල්ලි නැති නිසා ද? නෑ. භාණ්ඩ හිඟයි. නව නිෂ්පාදන නෑ. අපේ තාත්තට තිබුණ ට්විට් සරම තමයි ගමේ හැමෝ ම වගේ මගුල් ගෙවල්වල ඇඳන් ගියේ. සීනි ටික නැත්නම් ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ගින්දර ටික ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ඔවුන් ගතකළේ සතෙකුට වඩා තරමක් දියුණු ප‍්‍රාථමික ජීවිත. පුතා, ඔයා කලින් සඳහන් කළේ අන්න ඒ කාලෙ ගුරුවරය පිළිබඳව."

    මේ කතාව නිකම් තමන්ගේ කටට එනවට දමල ගහන්නා වගේ කියන දෙයක්. අල්පෙච්ච්ඡතාවය නෙමෙයි ලැබුන දෙයින් සතුටු වීමට මනස පාලනය කරගන්න පැරණි සමාජයේ ඉඩහසර තිබුන. මනස මට්ටම් වෙලා තිබුන නොවෙයි ඔපමට්ටම් වෙලා තිබුන බෞද්ධ දර්ශනයෙන් විශේෂයෙන්ම. මේ ගුරුවරයා නම් එවැනි දර්ශන යුටිලයිස් කරගන්නා බව වචනයක වත් නෑ. පැරැන්නන්ගේ තිබුන ස්වයංපෝෂිත ගෘහ ආර්ථික ක්‍රමය කෝ දැන්? ඒවා නැති නිසා තමයි තරඟ දුවන්නේ මේ තරම්. ඔය කියන විදිහේ නිහීන අතනින් මෙතනින් ඉල්ලගෙන කන ජනතාවක් ඒ කලේ හිටියේ නැහැ. තව ටිකක් ගියා නම් කියයි බුදුන්වහසේත් පිඬුසිඟා වැඩිය නිසා සතෙකුට වඩා ටිකක් දියුණු ජීවිතයක් ගත කළා කියල කියන්න පුළුවන් මොකද බොහෝවිට වෘක්ෂ මූලිකවමනේ වැඩිපුර වැඩ සිටියේ.

    මේ සාකච්ඡාවේ කිසිම තැනක නෑ අධ්‍යාපනය යාවත්කාලීන කරන්නේ කෙසේද කියා. අධ්‍යාපනය නොවෙයි යාවත්කාලීන විය යුත්තේ අධ්‍යාපන ක්‍රමය, අධ්‍යාපන වේදය සහ වේදීන්. අර ජනාධිපති ප්‍රේමදාස අභ්‍යාසලාභීන් දාල කරපු වරද තවම යනවා. ඒවගේම පාරිභෝගික සමාජයේ භාණ්ඩයක් වුන ගුරුවරයා. තාක්ෂනය තිබුනේ සහ තිබෙන්නේ විදේශවල පමණය කියා සිතා සිටින විශාරදයා. තාක්ෂනය හෝ පෙනෙන දේ නොවෙයි අප ගත යුත්තේ ගැනීමට අවශ්‍ය හරවත් දෑ. විද්යා ලෝකය අවුරුදු ගණනක් සිටින නිසා දැනෙනවා මිත්‍යාව සහ විද්‍යාවේ සමානතා. එක දුර ඉන්න කෙනාට පෙනෙන්නේ රස කෑමක් වගේ. නමුත් මේ සියල්ල කැටි කරගත්තම අත්හැර දමියයුතු කරුණු බොහොමයි. අප ශිෂ්‍යයන් තනිය යුත්තේ තමන්ට අනුකූල සාරවත්, සාරධර්ම සහිත පෙරනයක් තනා අඳුර සහ එලිය වෙනවෙනම නිවැරදිව හඳුනා ගැනීම සහ අන්තගාමී නොවී අදාළ සියලු දේවලින් තමාගේ වපසරියට අනුව සමාජයට ඉහල තලයකට ගෙන යාමට හිනිමගක් වීම. තමුන් තනිවම ඉහල යාම තමයි දැන් හුරු කෙරෙන්නේ. ඉතින් සමාජයේ සාමූහිකත්වයක් නැතිබව අරුමයක් නෙමෙයි.

    Quote:
    "ගුරුවරයා පාරෙ ගමන් කරනවනම් අනෙක් අය පාරෙන් අයින් වෙලා එයාට ඉඩ දෙනව. ඒ තරමට ම ගෞරවනීය පුද්ගලයෙක්."
    ගුරුවරයා අනෙත් සේවා වල නිරත වෙලා ඉන්නා යට වැඩ ගෞරවනීය තැනැත්තෙක් වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින්, මුදල අරබයා නොව සේවය සේවයක් ලෙස නිවැරදිව අවබෝධ කර ගැනීමෙන්, ඒවගේම ගුණධර්ම කියා දීමෙන්. පොත කියාදෙන එක නෙමෙයි ගුරුවරයාගේ එකම වගකීම, ජීවත් වන විදිහ කියා දීම එක පැරැන්නෝ කළා. දැන් මේ කථිකයා එකක් කියාගෙන ඇවිත් වෙන අතකට යන්නේ. ඔහුම කියනවා ජීවිතය ගැන නමුත් ජීවිතය කියාදෙන ගුරුවරුන් හඳුනන්නේ නැහැ. බුදුන්වහන්සේ තමයි අපට සිටිය ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. පොත් හෝ තාක්ෂනය හෝ විද්‍යාව නොවෙයි කියා දුන්නේ. ඒ අධ්‍යාපනය නිශ තවම සාරධර්ම තිබෙනවා. අවාසනාවට දේශපාලකයෝ විසින් නොපෙරන ලද, ඔපමට්ටම් නොකරනලද සමාජ සහ ආර්ථික ක්‍රම ගොඩබැස්සවීම නිසා (සමාජය නිවැරදිව එයට විවෘත්ත කරනවා වෙනුවට), යම් ඛේදවාචක සිදුවෙනවා සංවෘත්ත ලෝකයන් එක් වරම විවෘත්ත කිරීම නිසා. තේරුමකින් තොරව එක්වරම විවෘත්ත කල පරිගණක ජාල සහ ජංගම තාක්ෂනත් ඒ වගේ. එකනේ ඒව පාරිභෝගික සමාජය ගොනාට ඇන්දවීමට වින නිසි ප්‍රයෝජනයක් ගැනීමට නිවැරදි මගකට විවෘත්ත නොවී තිබෙන්නේ තවම. සකස්කඩය නොකියවපු නිසා තමයි තවම හරියට නූතන සිංහලයන්ට සිංහල කථා කරන්න බැරි. ලියන්නත් බෑ. කැමතිත් නෑ. භාෂාව සංස්කෘතිය නැතුව දේශයක් ගොඩනගන්න බෑ. ඒවා අවශ්‍ය අයුරින් යාවත්කාලීන කිරීමයි කල යුත්තේ. මේක වසවසම් ක්‍රමයේ හිස නැමීමට සමාන නොකළ යුතුයි. ගෞරවය බලෙන් ලබා ගන්න බෑ. ඒක ගොඩනැගෙන්නේ තමා විසින් තමා යයි ගොඩනගා ගන්න පුද්ගලයා අනුව.

    මගේ මවත් අවුරුදු 13ක් දුෂ්කර සේවයේ යෙදී තවම ඒ ජීවිතයෙන් තෘප්තිමත්. පහර නොදී ළමයින් හැඩගැස්වන්න ඒ කියන්නේ තමාට ඕන විදිහට නොවෙයි සමාජයේ සාර මිනුම් අඳුරෙන අතික්‍රමණය නොකරන්න කියා දුන් කෙනෙක්. මුල් වැටුප රුපියල් 250යි. තාක්ෂනය විදේශ රටවල දේවල් කියා නොදීපු දෙයක් නෑ.

    ReplyDelete
  6. Quote:
    "මම ඉගැන්නුවෙ භූගෝල විද්‍යාව. උගන්වනව කියල මම මොනවද කළේ? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සටහන් ටික ගෙනල්ල ළමයි ඉදිරියේ කියෙව්වා. ඕක තමයි පුතා එදා ඉගැන්විල්ල." මගේ මව අනුරාධපුර හේන් කරකර ඉන්න හොර ගුරුවරුන් හේනේ වැඩට පාසලෙන් පන්නගෙන යන ළමයින්ට ලෝකයක් විවෘත්ත කළා. කොහෙන්හරි ලිපි පෙන්නලා විභාග පාස් කරවන එක නෙමෙයි අධ්‍යාපනය. ඔය ඉගැන්නිල්ල. අධ්‍යාපනය යනු තමන් ස්වයංව දැනීම ලබා ගෙන එය තමන්ට අවශ්‍ය පරිදි මට්ටම් කරගෙන තමන්ගේ ගුණධර්ම වලින් ඔපමට්ටම් කරගෙන තමන්ගේ දේශයේ වපසරිය පුළුල් කිරීමට සහ සමාජයක වැඩදායීත්වය ඉහල නැංවීමට පාර කියා දීම. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිට සිට කියන්නා වගේ මම නොයෙක් තැන්වල දැකල තියෙනවා ජනප්‍රිය වුන, ඒ කියන්නේ ශිෂ්‍යයන් අතර ගුණධර්ම අතින් හෝ අධ්‍යාපනය ඇති වත් නොවේ කොලුකම අගයන එසේ වෙන්න උතසාහ කරන ඒ යට ගැලපෙන්න තමා වෙනස් කරගත්ත ගුරුවරුන් තමය වැඩි දෙනෙක් අවවාද අනුශාසනා දෙන්නේ. ජීවිතය කියාදෙන ගුරුවරුන්ට නිසි ඇගයීමක් සමාජයෙන් ලැබෙනවා. නමුත් එය ඔය කියන්නා වගේ දෙයක් නොවේ. නමුත් විසිතුරුයි. ශාන්තයි. එක හැමෝටම දිරවන්නේ නම් නෑ. ඔවුන් ව සම්මුඛ සාකච්ඡා වලට යොදාගෙන වඩා අර්ථවත් දෙයක් කරන අයත් මම දැකල නෑ. ඔවුන් හණමිටි සම්ප්‍රදායට දානවා.

    ජීවත්වන කාලය කෙටි වීමෙන් ම පැහැදිලියි අප ගමන් කරන්නේ කොයි දෙසටද කියා. එක එන්න එන්න කෙටි වෙනවා. තාක්ෂනය ඇති දියුණු රටවල ඉතාම බහුලයි කෙටි ජීවිත. පිට ඉන්න යට නම් 80 90 පේනවා ඇති නමුත් ජීවත් වී බැලිය යුතුයි. අප සමාජයට විෂ දමන්න දමන්න එයින් එන ප්‍රතික්‍රියා වලක්වීමත් විද්‍යාවේ එක අංගයක්. එකනේ විද්‍යා විද්‍යාව කොයි තරම් දියුණු වුනත් අලුතෙන් එන රෝග වලට ප්‍රතිකාර සෙවීමට නොහැකි වෙන්නේ. ප්‍රතිකාර හොයාගන්නකොට එක දියුණු වෙලා වෙනත් ස්වරූපයක් ගෙන.

    දැන් සිටින අධ්‍යාපනවෙදීන් ගේ ආශ්වර්යය නිසා තමයි සමාජය තනිකරම එකෙකා මරාගෙන හෝ තමන්ගේ කටයුතු වල යෙදෙන තැනට පත් වෙලා ඉන්නේ. හීන පස්සේ යන රියලිටි කියන අතත්‍ය යතාර්ථ පස්සේ යන, නයිට් ක්ලබ් (විදේශ වල නයිට් ක්ලබ් යනු වෙනම කාර්යයක් සඳහා සහ සංස්කෘතියක් වෙන් කෙරෙන වෙනස් තලයක්. එහි විශේෂම දේ සමාජ සම්බන්ධතා සහ මානසික සමබරතාවය) ලම්බෝගිනි පස්සේ යන, විද්‍යාව කරපින්න්නගෙන වවන හැම භාවබෝගයටම විස එක් කර තමනුත් අනුනුත් වලපල්ලට යන සමාජයක අඩිතාලම බිහිවෙලා තිබෙන්නේ. සමාජය කියවගන්න බෑ. යථාර්ථයේ ජීවත් වෙන්න ශක්තියක් නෑ. පහරක් දීමෙන් කරන්නේ හීනමාන හෝ අධිමාන (පසු කලෙක පලිගැනීම අරබයා) සහිත පුද්ගලයෙක් බිහි කිරීම යන විකාර අර්ථදැක්වීමක්. එයින් කෙරුනේ තමාගේ ස්වාධීනත්වය අනුන්ගේ විනාශය දක්වා නොයවා වැලැක්වීම. එයින් වෙන්නේ අනුන්ගේ කොන් වලිනුත් සමාජය දැකීමට පුරුදු වීම. අපි වයිරස නොවෙයි. තිලමුට්ඨි ජාතකය කියවා ඇති සිතනවා. මෙයින් කිසිම හානියක් වන්නේ නෑ

    Quote:

    "විදේශීය ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ පොතක් මම කියෙව්ව. ඒකෙ තියනව යහපත් භික්‍ෂුවගේ ලක්‍ෂණ දෙකක්.

    01. මුදල් පරිහරණය නොකිරිම
    02. බඹසර රැකීම.

    බඹසර රකින එකනම් ඉතිං ඔය කොල්ලෙක් අල්ලගත්තම කරන්න පුළුවන්.

    සමහර විට මේවා කීමෙන් හුදු ජනප්‍රිය වීමක් බලාපොරොත්තු වෙනවා ඇති කෙසේ වුවත් ගුරුවරයාගේ සැටි වහරෙන් පෙනේ. මනස සකස් නොකළ ගුරුවරයාට කොතරම් ජනප්‍රිය වුනත් ආදර්ශමත් වෙන්න බෑ."

    ගුරුවරයා ගේ කාර්යභාරය හුදු ඉගැන්වීමට වෙන්වී ඇති යන පුහු උපකල්පනය මේ කතිකාව පුරාම ගලා යන එක කනගෞවට කරුණක්. කෙසේ වුවත් මෙහි ගත යුතු දේවල් තිබෙනවා. වර්තමාන ගුරුවරයාගේ කාර්යභාරය තමන් නොදැනුවත්වම එළිදක්වා තිබෙනවා. එය වී තිබෙන්නේ තමන් හරියටම වටහාගෙන ඇති කියා අනුමාන කරමින් පවසන දේවල් අනුව. ගමෙහි අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට වචනයක් වත් කියන්නේ නෑ. මොකද තමන් ඒ පුරුක් වල කොටසක් නිසා. එමනිසා ගුරුවරයන් පමණයි ඉලක්ක කරන්නේ. දේශපාලනය විදුහල්වලට ගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස, ගුරුවරුන් දේශපාලනීකරණය වීම සාමාන්‍ය දෙයක්. ඒ සඳහා වෙනම ප්‍රතිපත්ති සකස් කලයුතුයි නමුත් කරන්නේ නෑ. මොකද ඉදිරි පැවැත්මට ගුණ නැති නිසා දේශපාලකයන්ගේ පමණක් නොවේ අධ්‍යාපනය නියාමනය කරන නුසුදුසු පුද්ගලයන් ගේ. එවන් අය දැන් නම් වැහි වැහැල ඉන්නේ.

    ReplyDelete
  7. Quote:
    "අපිට ආගමෙන් දීල තියනව බොහොම භයානක සංකල්පයක්. විශේෂයෙන් ම මේ භික්‍ෂුව මුල්කරගත්ත ආගමෙන්. හිනා වුනොත් අඩන්න වෙනව. මල් පිපුනොත් පරවෙනව. මේ සියල්ල අනිත්‍යයි. ඉතිං අද ගැන කතාකරන්න බයයි. ඒ නිසා තමයි අර අතීත වන්දනාව කරන්නෙ. නමුත් අතීතය මෙයින් දශමයක් හොඳ නෑ". අපට ආගමක් නැහැ තිබෙන්නේ දර්ශනයක්. අනිත්‍යයි කියා එක්වරම රහත් වෙන්න බෑ බුදුදහම කියන්නේ ඉතාම ක්‍රමානුකූලව සකස් වුන දර්ශනයක්. මේ පුද්ගලයාට බුදුදහම ගැන අබමල් රේණුවක දැනීමක් නෑ. එහි කොතන වත් කියන්නේ නෑ ඉපදුන ගමන් දුවගෙන ගිහින් සිවුර පෙරවාගෙන අනිත්‍යයි අනිත්‍යයි කියන්න. යතාර්ථය තේරුම් ගන්න සහ ජීවත් වෙන නිවැරදි ම පිළිවෙල කියා දී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ. එක බටහිරත් පිළිගන්න වෙලාවක තවම වැඩි යුගයට යන්න හදනවා. තාක්ෂනය කියන්නේ පරමාන්තය නොවෙයි. සුරතාන්තයත් නොවෙයි. දැනුම විතරක් තිබුනට මදි. දැනුම ඕන කෙනෙකුට ගන්න පුළුවන් හැබැයි එක හසුරුවන්න බෑ. බටහිර රටවල් ගත්තත් දැනුමෙන් පරිපූර්ණ නෑ ඔවුන් සාපේක්ෂව යම් දෙයක් දන්නවා. තාක්ෂනය එවැනි දෙයක් නමුත් නිරපේක්ෂ නැහැ."

    සම්පූර්ණ විකාර කතාවක්. බෞද්ධයන් පසුගාමීන් නොවේ. වටහිරින් තමයි ඔය අදහස් කාවද්දන්නේ. අපට අපේ දේවල අගය නැති කරන්නෙත්. ගුරුවරයා මුදල් සෙවිය යුතුයි. නමුත් ගුරුවරයා ගුරුවරයා විය යුතුයි. ගුරුවරයා බලෙන් ළමයින්ගෙන් ත්‍යාග ගන්න මට්ටමට පත් කරන්නෙත් දෙමවුපියන්. ඒක වෙන්නෙත් නුසුදුසු ගුරුවරුන් ඒ තැන්වලට පත් කරන රජයේ නිල බලය නිසා. පාසලේ එකක් ටියුෂන් පන්තියේ තව එකක් නොවෙයි. ටියුෂන් කියන එකත් මේ පරිහානියට විශාල රුකුලක්. ගුරුවරයා යහපත් ජීවිතයක් ගත කරනවා කියන්නේ මෝටර් සයිකලයකින් ගමන්බිනම් යාම නොවෙයි. රජයේ වැරැද්ද ගුරුවරුන්ට අවශ්‍ය වේතනය සහ යටිතලපහසුකම් නොදීම. එකට විසඳුම ගරාගැනීම නොවෙයි. කුහක වන්නේ කවුද කියා පෙනෙනවා අදහස් දැක්වීමට අනුව. එක සාමාන්‍යයෙන් අධ්‍යාපන ලොක්කන්ගෙත් සාමාන්‍ය සිරිතක්.

    Quote:
    "යහපත් ළමයාගේ ලක්ෂණය ගුරුවරයාට වැදීම ය, ගුරුවරයා කියන දේ අසා සිටීම ය, ගුරුවරයාගෙන් ප‍්‍රශ්න නො ඇසීම ය"
    මෙහෙම සංකල්පයක් ඉතා කලාතුරකින් මා දකතිබෙනවා. නමුත් යහපත් ගුරුවරුන් නොමැතිකම තමයි එට හේතුව. නුසුදුස්ස නුසුදුසු තැනට යැවීම. ගුරුවරයාට වැඳීමේ වරදක් මා දකින්නේ නෑ. මවුපියන්ට භික්ශූන්වහන්සේලට වැඳීම කොන්ද නැමීමක් නොවෙයි. එය තමන් කරන ගෞරවයක්. ඔවුන්ගේ සේවයට. ඒවගේම නිහතමානීව ඔලුව නැමිය යුතු තැනදී ගුණවත් පුද්ගලයන්ට පමණක් හිස නැමිය යුතු විදිහයි එයින් කියවෙන්නේ. ඒවගේම කියන දේ අසා නො අසා සිටියොත් කොහොමද හරි වරද මොකද්ද කියා අනුමාන කරන්නේ? අන්තිම කොටසට එකඟ විය යුතුයි. ප්‍රශ්න නොකර අධ්‍යාපනය ලැබිය නොහැකියි.

    සමලිංගිකත්වය ගැන කතා කරලා තිබෙනවා. මමත් මිශ්‍ර පාසල් ප්‍රතිපත්තියට එකඟයි නමුත් දැන් තිබෙන තත්ත්වයේ හැටියට නගර කෙසේවෙතත් ග්‍රාමීය ප්‍රදේශ වල මිශ්‍ර පාසල් දැමීමේ අවදානමක් තිබෙනවා. මොකද දූෂණය වැඩ විහිදී තිබෙන්නේ ගමට. මමත් පිරිමි ළමුන් සිටින, කර්කශ ළමුන් සිටින පාසල් වල සිටිය මම නම් කියන්නේ නැහැ. නමුත් සමලිංගික ගැටළු තිබුනේ නැහැ. තිබුනා නම් එය ඔය cadeting වැනි දේවල් කරන මානසිකව තමන් ඉතා ඉහලයි කියා සිතා සිටින පිරිස rag එකකට කලොත් තමයි. නමුත් ඒවා සම්බන්ධකම් නොවෙයි. ඒවා කෙලවර වුනෙත් නියම ආකාරයේ විනයකින්. සමලිංගිකත්වය ජානමය ප්‍රශ්නයක්. බුදු දහමේත් කියනවා ඒවාට යම් යම් හේතු. ඒවගේම දැන් නම් ඕක සමාජයෙන් බො කරනලද මතයක්. ෆැන්ටසියක්. බෞද්ධයන්ට තේරුමක් නැති නෑ කම් වලින් පලක් නෑ. එය අන්තගාමී වීමක්. පාසල් වලින් ඇලෙන්න එපා කියා කවදාවත් කියාදෙන්නේ නෑ. ඇලෙන්නේ නැතුව වැඩ ගන්නයි කියා දිය යුත්තේ. එක කරන ගමන් ධර්ම අධ්‍යාපනයටත් බනිනවා. නමුත් මොකද්ද නියම මාර්ගය කියා කියන්නෙත් නැහැ. තරඟ දුවන මවු පියන්ට නිවැරදි මාර්ගයක් කියනෙත් නැහැ. දැන් වෙලා තියෙන්නේ රැල්ලට දුවන්නේ ඉගන ගන්නේ දෙමවුපියෝ දරුවෝ නෙමෙයි. ඒ අතර රියැලිටි සංස්කෘතියටත් ඇදගෙන යන්නේ. හැකියාව මුදල් කල යුතුයි තමයි එත් ඒවාට වෙලාවක් තිබෙනවා.

    දහම් පාසල් නම් කතෝලික සංස්කෘතියෙන් පැමිණි දෙයක් (ඉරිදා පාසල). එහෙම ධර්මය ඉගන ගන්න බෑ, පාසල් වෙලාවෙත් ඒ සඳහා කාලයක් වෙන් කරන්නේ නෑ. එහෙම කරනවානම් එකත් හොඳයි නමුත් විභාග වලින් සමත් වීමට එහෙම ඉගන ගෙන ඇති ප්‍රයෝජනයකුත් නෑ, දහම් පාසල් වලත් දැන් තියෙන්නේ විභාග සහ සංස්කෘතික සන්දර්ශන. ධර්මය උගන්න නම් උගත් ධර්මධර විනයධර ස්වාමීන්වහන්සේ ලා නිතර ඇසුරු කල යුතුයි. ඒවගේම අනෙත් ආගම් නම් ඒ ඒ අයව. කෙසේ වෙතත් මිශ්‍ර පාසල් නැවත ආරම්භ වේ නම් මම කැමතියි. අපි එස්කිමෝ වරුන් නෙමෙයි ලිංග අනුව ඉග්ලු ගෙවල් වලට වගේ පාසල් වලට කොටු කරන්න. එහෙම වුනාම වෙන්නේ පීඩනය වැඩි වෙන එක සහ කාන්තාව අමුතු සතෙක් වගේ පෙනීම.

    ReplyDelete
  8. Lateral thinking is solving problems through an indirect and creative approach, using reasoning that is not immediately obvious and involving ideas that may not be obtainable by using only traditional step-by-step logic.
    Read more: http://en.wikipedia.org/wiki/Lateral_thinking
    නමුත් උදාහරණයේ සිදු වී ඇත්තේ ලටරල් තින්කින්ග් සහ සම්ප්‍රදාය යන දෙකට ගරු කිරීම. යතාර්ථය නම් ඕනෑම දෙකට විසඳුම් අනන්ත ගණනක් තිබිය හැකියි නමුත් සොයා ගත යුත්තේ වඩාත්ම ගැලපෙන සහ කාර්යක්ෂම කුලකය. ඒ කියන්නේ බෙස්ට් චොයිස් එක. ඒක ගොඩනගන්න ලැටරල් තින්කින්ග් ඉවහල් වෙනවා. Choice governs the direction end end point is build upon that. It could be the same end but it will caus performance degredation IF NOT APPLIED TO THE REQUIRED AREA AND WHEN IS REQUIRED. But, each choice has it's values and can be utilized in certain times. The utilization is important and the extraction of the creative result then can be applied. You cannot apply any solution to anywhere in the real world scenarios.

    කොහොම වුනත් මේක කියවීමෙන් අනතුරුව අධ්‍යාපනය තවමත් රුවිතෙට යන බව නම් පැහැදිලි වුනා. තමන් සාපේක්ෂව සිතිය යුතුයි නිරපේක්ෂව කරුණු විකෘති කරනවට වඩා. හැර පද්ධතීන් කඩාගෙන බිඳගෙන ගිහින් දේවල් කරන්න බෑ. ඒවා ක්‍රමානුකූලව, විසිතුරු ලෙස, යාවත්කාලෙන කල යුතුයි. අපට ගැලපෙන සහ පුරුදු විදිහට. ජපානයේ වගේ පහල ශ්‍රේණි වල දරුවන්ට වගේ රොබෝටික්ස් කරන්න අප‍ට හැකියාවක් නැති වෙන්න පුළුවන් නමුත් අපේ දේවල් වලින් ඒ සමාන වෙනත් දෙයක් කල හැකියි. Improvise, Adapt and Overcome (Conquer). මීටවඩා අර්ථවත් කතිකාවන් ගොඩනැගීමට ශක්තිය ලැබේවා! බුදුසරණයි!

    ReplyDelete